Sunday, April 21, 2013

Windows 7 වල වැරදි Windows 7 වලින්ම හදම

Windows 7 වල වැරදි Windows 7 වලින්ම හදමු 

අපි හැමෝම වගේ දැන් use කරන්නෙ වින්ඩෝව්ස් 7 නේද??? මන් මෙ ලිපිය දැම්මෙ එයාලට.. xp වලට නම් කොහොමද කියලා හරියටම දන්නෙ නෑ. Run කියන එකේ මන් දෙන එව ටයිප් කරලා බලන්න්කෝ හරි යනවද කියලා..


මේකයි වැඩේ.. අපි වැඩක් කර කර ඉද්දී current ගියාම , එහෙමත් නැත්තන් මොකක්ම හරි වෙලා හදිස්සියෙන් computer එක shut down උනාම හරි සමහර වෛරස් නිසා හරි අපි ලස්සනට තියාගෙන ඉන්න අපේ වින්ඩොව්ස් ෆයිල් ඩැමේජ් කරනවා .. ඔහොම ඔහොම ටිකක් කල් ගියාම සිස්ටම් එක හොදටම අවුල් වෙනවා.. පිස්සු නටනවා එතකොට.. word open කරාම paint එනවා.. paint open කරාම command prompt එනවා..


ඒ වගේ දේ තමා.. හැමෝගෙම නෙවේ ඉතින්.. එතකොට ඉතින් අපිට අකැමත්තෙන් උනත් අලුතෙන් වින්ඩෝව්ස් දාන්න වෙනවා .. දන්නවනෙ ඉතින් එතකොට අපි ආදරයෙන් ලග තියාගෙන හිටපු සොෆ්ට්වෙයා ටික, එතකොට ගහලා ඉවර කරන්න ටිකක් තිබුණ ගේම් ටික, අපේ බ්‍රව්සර් වල වැදගත් හිස්ට්‍රි ටික නැති වගේ ඒවා නැති වෙනවා..

මන් කලින් කියපු හැම දේම වෙන්නෙ අපේ සිස්ටම් ෆයිල් වලට කෙල වුනාමනේ?? ඉතින් අපිට අපේ සිස්ටම් එකේම පොඩි ජිල්මාට් පාරක් දාලා මේක මුල් කලෙදිම ගොඩ දාගන්න පුලුවන්.. කැමති අය කරලා බලන්නකෝ.. මන් මේ දාලා තියෙන්නෙ මගෙම screen shot ටිකක් . වැරැද්දක් වෙන්නෙ නෑ මේකෙන්.. එහෙම වැරැද්දක් වෙනවා නම් ඔච්චර ගනන් බිල් මාමා මේක එයාගෙ ඒවට දාල එවයිද ???? අපි මේක කරන්නෙත් වින්ඩෝව්ස් වලම තියෙන නිසානෙ..

බලමුකො වැඩේ කරන හැටි..

පළමුවෙන්ම Start menu එකේ search වල,,


Command කියලා ටයිප් කරන්න



 එතනින් command prompt කියන එකේ Right click කරන්න..

එතනින් Run as admin; තෝරන්න.. එවිට ඊලඟ ස්ථීර කිරීමෙන් පසුව පහත ආකරයේ ඩොස් බොක්ස් එකක් විවෘත වේ..



ඉන් පසු එහි පහත විධානය ලබා දී එන්ටර් කරන්න..

sfc/scannow

එවිට මෙවැනි වින්ඩොව් එකක් ලැබෙය



දැන් අපේ වැඩේ ආරම්භ වුණා.. මේකට ටිකක් වෙලා නම් යනවා.. ටිකක් කීවෙ ඇත්තටම ටිකක් හොදේ ?? දැන් අපි විනාශ කරලා තිබුණ ෆයිල් රෙපෙයාර් වෙනවා.. අන්තිමට මට එන එක තමයි මෙන්න මේක..

දැන් වැඩේ ඉවරයි.. වැඩේ හොදයිද නැද්ද කියන්නකෝ කරලම බලලා


පට්ට පට පට පැන්සල

පට්ට පට පට පැන්සල

පැන්සල කියන්නේ මම දැකපු හොදම software එක office වල ලියන්න. මම එහෙමකියන්නේ අපි සාමාන්‍ය unicode (google translator) වගේ එකක් අරන් office pacege එකක ලිවුවම ලියවෙන්නේ unicode වලින්නේ. ඒත් පැන්සල හදලාතියෙන්නේ unicode office කියන දෙකටම. කෙටියෙන්ම කිවුවොත් පැන්සල පාවිච්චිකරලා අපිට ඕන සින්හල font එකකින් micrsoft word වල ලියන්න පුලුවන්. unicode වලින් අපිට ඕන font පාවිච්චි කරන්න බෑනේ. අනික මේකෙත් මොන fontඑක ගත්තත් sms ගහනො වගේ ලියන්නයි තියෙන්නේ.

කරන්න තියෙන්නේ පහල ලින්ක් එකෙන් පැන්සල දාගෙන ඒක install කරලා යටඑන පහල තියන වගේ පින්තූරේ office on කියන එක තෝරලා. word වලට ගිහින්ඕන සිංහල font එක තෝරලා sms ගහනො වගේ type කරන එකයි. අකුරු ඕන නම්අර යට එන පින්තූරෙ right click කරලා keymap කියන එකෙන් බලාගත හැකි.

මේකේ unicode type කරන්නත් පුලුවන් ඒත් යංසය ගහන්න බෑ. office වල නම්ඕන එකක් පුලුවන්. ප්‍රශ්න තියනම් ඒකත් එක්ක හම්බෙන readme එක කියවන්න.

ඔන්න ලින්ක් එක
download pencil

Thursday, April 18, 2013

ඔයාලගෙ අඩවියටත් නෙමිලේ .tk Domain එකක්

ඔයාලගෙ අඩවියටත් නෙමිලේ .tk Domain එකක්

කොහොමද යාලුවනේ.. අද මං ඔයාලට කියන්නේ නොමිලේම ඔයාලගෙ බ්ලොග් එකට හරි සයිට් එකට හරි domain නමක් ගන්න හැටි..
  මුලින්ම මෙතන වෙත යන්න.ඊලඟට ඔයාට ඕනෙ domain එක දෙන්න.
ඉන්පසු go button එක ඔබන්න .

Use your new domain කියයන තැන ඔයාලගෙ තියෙන බ්ලොග්/වෙබ් අඩවියේ දැන් තියෙන domain එක දෙන්න.ඊලඟට Sign up වෙන්න.සේරම හරිගියාම මෙහෙම එයි.
දැන් හදාගත්ත domain එකට ගිහින් බලන්න ex-http://supiriwada.tk.... මතක ඇතුව comment එකකුත් දාල යන්න...




Ebates එක්ක ebay බඩු ගමු

                 Ebates එක්ක ebay බඩු ගමු

ගොඩක් කාලෙකින් මොකවත් ලිව්වෙත් නැති නිසා හිතුවා ඔය Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැන.ඒ තමයි Ebates මේක Ebay එකේම වෙබ් අඩවියක්.මේකෙන් කෙරෙන්නේ අපි Ebay හරහා ගන්න බඩු වල මිලෙන් 3-7% අතර ප්‍රමානයක් නැවතත් අපිට දෙන එක.මේ සඳහා මුලින්ම Ebates වල රෙජිස්ටර් වීම අවශ්‍යයි. ඒ සඳහා https://www.ebates.com/editUserInfos.do?navigation_id=18574 මෙතනට යන්න 

දැන් වෙබ් පිටුව මැදින් මතුවන ඩයලොග් බොක්ස් එකට ඔබේ ඊමේල් ලිපිනය සහ පාස්වර්ඩ් එක ලබාදෙන්න.who reffered you...තැනට යාලුවෙකුගේ mail එකක් දෙන්න. ඉන්පසි  start shopping click කරන්න.


දැන් ඔබේ ගිණුම සාදා අවසන්. දැන් Log In ක්ලික් කර ඔබේ ගිණුමට ලොග් වන්න

දැන් Shop All Stores මත ක්ලික් කරන්න.


එතන Ctrl + F ගහල eBay Coupons & Cash Back කියන එක හොයා ගෙන Shop Now කියන බට්න් එක ක්ලික් කරන්න.
දැන් ඔබ Ebay වෙත පිවිසේවි.ඊට පස්සෙ අපිට ගන්න ඕන කරන බඩු ගන්න පුලුවන්. ඊට පස්සෙ දවස් දෙක තුනකින් ඔයාට ඊමේල් එකක් ඒවි ඔයා ගත්ත බඩුවට හම්බවෙච්ච බෝනස් එකත් එක්ක.එහෙනම් ජය වේවා

admin profile-www.facebook.com/udara.chamika.16