Friday, February 22, 2013

Win7 Login එකට අපි කැමති රූපයක් දාගන්න කැමතිද?

 Win7 Login එකට අපි කැමති රූපයක් දාගන්න කැමතිද?


1.මුලින්ම Run Box එක ලබාගන්න.එය ලබාගැනීමට Star > All Programs > Accessories > Run
2.දැන් එම Run Box එක තුල regedit යන්න ටයිප් කර වින්ඩොස් රෙජිස්ටරි එකට යන්න.එයට යාමේදී ලැබෙන පණිවිඩයට Yes විධානය ලබා දෙන්න
3.එහි ඇති HKEY_LOCAL_MACHINE එක ගාවට Mouse pointer එක ගෙන ගොස් right ක්ලික් කර find යන එක තෝරාගන්න.
4.එහිදී එන වින්ඩොව් එකට OEMBackground යන්න ටයිප් කර Find Next විධානය ලබා දෙන්න
5.එහිදී ලැබෙන වින්ඩොව් එකෙන් OEMBackground එක දෙපාරක් ක්ලික් කර ලැබෙන වින්ඩොව් එකේ තියෙන Value data: කියන එක 0 ලෙස සදහන් වී ඇති අතර, එය 1 ලෙස මාරු කර OK විධානය ලබාදී වින්ඩොව්ස් රෙජිස්ටරි එක close කරන්න.

6.දැන් ඔබ C:\Windows\System32\oobe යන folder එක සොයාගන්න.
7.එම oobt folder එක ඇතුලේ info කියලා වෙනම folder එකක් හදන්න
8.දැන් එම Info folder එක ඇතුලේ background කියලා වෙනම folder එකක් හදන්න
9.ැන් ඔබ හදා ගත්තු folder එකට ඔබ කැමති රූපයක් ගෙනත් paste කරගන්න.ඔබ තෝරා ගත්තු රුපයේ නම backgroundDefault.jpg ලෙස වෙනස් කරගන්න.එම වෙනස් කිරීමෙන් අනතුරුව වින්ඩොව් එක close කරන්න

දැන් ඔබ තෝරා ගත්තු රූපය Windows 7 Login හා LogOut වෙද්දී දැක ගැනීමට හැකි වේ.


Like This Article ? :