Sunday, April 21, 2013

Windows 7 වල වැරදි Windows 7 වලින්ම හදම

Windows 7 වල වැරදි Windows 7 වලින්ම හදමු 

අපි හැමෝම වගේ දැන් use කරන්නෙ වින්ඩෝව්ස් 7 නේද??? මන් මෙ ලිපිය දැම්මෙ එයාලට.. xp වලට නම් කොහොමද කියලා හරියටම දන්නෙ නෑ. Run කියන එකේ මන් දෙන එව ටයිප් කරලා බලන්න්කෝ හරි යනවද කියලා..


මේකයි වැඩේ.. අපි වැඩක් කර කර ඉද්දී current ගියාම , එහෙමත් නැත්තන් මොකක්ම හරි වෙලා හදිස්සියෙන් computer එක shut down උනාම හරි සමහර වෛරස් නිසා හරි අපි ලස්සනට තියාගෙන ඉන්න අපේ වින්ඩොව්ස් ෆයිල් ඩැමේජ් කරනවා .. ඔහොම ඔහොම ටිකක් කල් ගියාම සිස්ටම් එක හොදටම අවුල් වෙනවා.. පිස්සු නටනවා එතකොට.. word open කරාම paint එනවා.. paint open කරාම command prompt එනවා..


ඒ වගේ දේ තමා.. හැමෝගෙම නෙවේ ඉතින්.. එතකොට ඉතින් අපිට අකැමත්තෙන් උනත් අලුතෙන් වින්ඩෝව්ස් දාන්න වෙනවා .. දන්නවනෙ ඉතින් එතකොට අපි ආදරයෙන් ලග තියාගෙන හිටපු සොෆ්ට්වෙයා ටික, එතකොට ගහලා ඉවර කරන්න ටිකක් තිබුණ ගේම් ටික, අපේ බ්‍රව්සර් වල වැදගත් හිස්ට්‍රි ටික නැති වගේ ඒවා නැති වෙනවා..

මන් කලින් කියපු හැම දේම වෙන්නෙ අපේ සිස්ටම් ෆයිල් වලට කෙල වුනාමනේ?? ඉතින් අපිට අපේ සිස්ටම් එකේම පොඩි ජිල්මාට් පාරක් දාලා මේක මුල් කලෙදිම ගොඩ දාගන්න පුලුවන්.. කැමති අය කරලා බලන්නකෝ.. මන් මේ දාලා තියෙන්නෙ මගෙම screen shot ටිකක් . වැරැද්දක් වෙන්නෙ නෑ මේකෙන්.. එහෙම වැරැද්දක් වෙනවා නම් ඔච්චර ගනන් බිල් මාමා මේක එයාගෙ ඒවට දාල එවයිද ???? අපි මේක කරන්නෙත් වින්ඩෝව්ස් වලම තියෙන නිසානෙ..

බලමුකො වැඩේ කරන හැටි..

පළමුවෙන්ම Start menu එකේ search වල,,


Command කියලා ටයිප් කරන්න



 එතනින් command prompt කියන එකේ Right click කරන්න..

එතනින් Run as admin; තෝරන්න.. එවිට ඊලඟ ස්ථීර කිරීමෙන් පසුව පහත ආකරයේ ඩොස් බොක්ස් එකක් විවෘත වේ..



ඉන් පසු එහි පහත විධානය ලබා දී එන්ටර් කරන්න..

sfc/scannow

එවිට මෙවැනි වින්ඩොව් එකක් ලැබෙය



දැන් අපේ වැඩේ ආරම්භ වුණා.. මේකට ටිකක් වෙලා නම් යනවා.. ටිකක් කීවෙ ඇත්තටම ටිකක් හොදේ ?? දැන් අපි විනාශ කරලා තිබුණ ෆයිල් රෙපෙයාර් වෙනවා.. අන්තිමට මට එන එක තමයි මෙන්න මේක..

දැන් වැඩේ ඉවරයි.. වැඩේ හොදයිද නැද්ද කියන්නකෝ කරලම බලලා


Like This Article ? :