Monday, May 13, 2013

PC එක Lock කරලා යතුර සාක්කුවෙ දාගන්න

PC එක Lock කරලා යතුර සාක්කුවෙ දාගන්න

යතුර = Pen Drive

හැ...... පෙන් එක යතුරක් කර ගන්නෙ කොහොමද? USB එකට දාලා කරකවන්නයැයි

අපො නැ USB එකට දාලා කරකවන්න එපා USB එක කැඩිලා pen එකත් කැඩිලා යාවි හොදෙ ඔව්වා කරන්න ගිහින්,(මම එව්වට වග කියන්නෙ නම් නැ)

හැබැයි මෙකෙන් කරන්නෙ Pen Drive එක යතුරක් විදියට හරවන එක
(මොකක්ද ඔය මේක කියන්නෙ)

අහ්..... මේක කියන්නෙ පොඩි ගැජට් එකක් එ කිව්වෙ සොෆ්ට්වෙයාර් එකක් මෙතනින්  බාගන්නකො


මෙකෙන් වෙන වැඩෙ කියන්නම් කො,
ඔය සොෆ්වෙයාර් එකෙන් වෙන්නෙ අපෙ පෙන් එක එක්තරා විදියක යතුරක් බවට පත් කරන එක, එ කියන්නෙ අපි දැන් ඔය සොෆ්ට් එක Install කරලා settings වගයක් හදලා රන් කරම එ සොෆ්ට්වෙයාර් එක මගින් අපෙ USB pen drive එක අදුන ගන්නවා, එ වගෙම පොඩි ෆයිල් එකක් හැදෙනවා එ සොෆ්ට්වෙයාර් එක මගින් පෙන් එක ඇතුලෙ හැදෙන්නෙ

එ විදියට පෙන එක අදුර ගෙන ෆයිල් එක හැදුවට පස්සෙ තත්පර ගානකට(වෙනස් කිරිමට හැකිය) පාරක් Predator කියන මෙව්වා එකෙන් Auto scan වෙනවා අපෙ USB port,

එහෙම ස්කැන් වෙන වෙලාවෙ පෙන් එක USB port එකට ගහලා නොතිබුනොත් වැඩෙ කෙස් ඔන්න මැශින් එක LOCK වෙනවා

තෙරුනාද මෙකෙන් කෙරෙන වැඩෙ, අපි මුලින් සොෆ්ට්වෙයාර් එකට හදුන්වා දීපු පෙන් එක plug කරලා නැතිනම් මැශින් එකෙන් වැඩක් ගන්න බැ..

නැවත යතා තත්වයට ගන්න නම් පෙන් එජ plug කරමා auto scan වෙලා ලොක් එක අයින් කරනවා..

දැන් කස්ටියට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි පෙන් එක නැති උනොත් මොකද වෙන්නෙ කියලා
කිසි අව්ලක් නැ අපි දුන්න පාස් එක දන්නව නම් Keyboard එක මගින් එක ඇතුලු කරලා නැවත යතා තත්වයට ගන්න පුලුවන්

(Enter Key එක කිහිප වරක් එබිමෙන් Password එක ඇතුල කල යුතු තැන පෙන්වනවා)

තත්පර 20ක් ඇතුලත පාස් එක දෙන්න ඔනෙ නැතිනම් එලාර්ම් එක වැදෙනවා මහ සද්දෙන්



මෙන්න වැදගත් settings page එක


ඕකෙ උඩම තියෙන read interval කියන එක තාම්යි scan වෙන වෙලාව හදනන්න තියෙන්නෙ කැමති ගානක් දෙන්න.

Screen Darkness කියන එක අඩු කරන්න නැතිනම් මුලු screen එකම කලු වෙනවා..


New Password කියන තැනට දෙන්න තමන් කැමති පාස් වර්ඩ් එක ටිකක් දිග එකක් දෙන්න අකුරු 5 වැඩි
ඊට පස්සෙ pen එක plug කරලා create key කියන එක ඔබන්න

දැන් උඩම තියෙන OK කියන එක ඔබන්න දැන් පටන් ගන්නවා scan වෙන්න පෙන් එක plug කරලා නැතිනම් මැශින් එක ලොක් වෙනවා

හදිසියෙවත් පෙන් එක නැති උනොත් බය වෙන්න එපා lock උනාට පස්සෙ enter key එක කිහිප වතාවක් ඔබන්න ඉට පස්සෙ එනවා password එක දෙන තැනක් අන්න එතනට පාස් එක දෙන්න...
Like This Article ? :