Monday, June 17, 2013

කොම්පියුටරයේ වෙලාව සිංහලෙන් බලමුද (taskbar)

කොම්පියුටරයේ වෙලාව සිංහලෙන් බලමුද (taskbar)

වැඩේ තේරෙනවා නේද ඔය පින්තූරය දැක්කම. හරි මේකයි කරන්නේ.
සාමාන්‍යයෙන් ටාස්ක්බාර් එකේ වෙලාව තියෙන්නේ AM/PM විදිහටනේ.. කොහොමද ඉතින් උදේ/ සවස කියල වගේ දැම්මම




හරි එහෙනම් මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ...

වින්ඩෝස් XP/ වින්ඩෝස් 7/ වින්ඩෝස් 8 කියන ඔක්කොගෙම කරන්න තියෙන්නේ එකම විදිහටයි. එක නිසා කිසිම කොස්සකුත් නැහැ.. විනාඩියේ දෙකේ කේස් එකක් තියෙන්නේ ඒක නිසා බයවෙන්න දේකුත් නැහැ.. :D

හරි එහෙනම් වැඩේ බලමු නේද? මම මේක වින්ඩෝස් 8 එකේ කරන විදිහ පෙන්නන්නම්. අනිත් වින්ඩෝස් වලනම් මේ වගේවත් අමාරු නැහැනේ... හරි එහෙනම් මෙන්න කරන විදිහ..

1. Control Panel යන්න.

2. Region ගිහින් Additional Setttings යන්න.
3. දැන් Time ටැබ් එකට ගිහින් AM symbol/ PM symbol කියන දෙකට උදේ සවස කියලා දෙන්න.. ඕනනම් තමන්ට ඕන නමකුත් දෙන්න පුළුවන් ;) සිංහල නැත්තම් මෙතනින් ගන්න



හරි එහෙනම් වැඩේ ඉවරයි

Like This Article ? :