Thursday, August 15, 2013

ඔබ කැමති කෙනාගේ වයස සහ පවුලේ සාමාජිකයන් ගණන හොයමු


ඔබ කැමති කෙනාගේ වයස


සමහර විට මේක ඔයාලා දන්නවත් ඇති නොදන්නා අයත් ඇතිනේ ඒ නිසා මේ නොදන්නා අයට කියාදෙන්න හදන්නේ ...


වයස දැනගන්න ඕන කරන කෙනාට කියන්න.
ඔයාට මම සාස්තරයක් කියන්නම් හැබැයි මම දෙන ගාන හදන්න හදන්න වෙනවා කියලා. එයාට ඕනනම් කැල්... එකක් පාවිචි කරන්න කියන්න
ඊට පස්සේ ඔයාට නොපෙනෙන විදිහට මෙන්න මේ ගාන ලියාගෙන හදන්න කියන්න 
එයාගේ වයස 2න් වැඩිකරන්න කියන්න ලැබෙන උත්තරයට 5ක් එකතුකරන්න කියන්න නැවත ලැබෙන පිළිතුර 5න් වැඩිකරන්න කියන්න ලැබෙන උත්තරයට පවුලේ හෝ ගෙදර සාමාජිකන් ගණන එකතු කරන්න කියන්න ඊට පසු ලැබෙන උත්තරයෙන් 25ක් අඩුකරන්න කියන්න අවසන් පිළිතුර අහලා දැනගන්න දැන් හරි 
එයා ඔයාට දෙන පිලිතුරේ පළමු ඉලක්කම් දෙකෙන් කියන්නේ එයාගේ වයස බවත් ඉතිරි ඉලක්කම් එක හෝ දෙක පවුලේ හෝ ගෙදර සාමාජික ගණන බවත් දැනගන්න. 

උදා: අපි හිතමු වයස 20ක සහ ගෙදර 3 දෙනෙක් සිටින කෙනෙක් කියලා
20x2+5x5+3-25=203 හරි නේද ? 
බලන්නකෝ මුල් ඉලක්කම් 2ක 20 නිසා එයාගේ වයස 20යි 
අන්තිම ඉලක්කම 3 නිසා පවුලේ සාමාජික ගණන 3

(මටත් මේක කියා දුන්නේ ගීක් එකේ යාලුවෙක් vinode77 එයාටත් ස්තුති කරන්න ඕනි )
Like This Article ? :

3 comments

avatar

Ela Ela , PattaPost Eka !! :D

avatar
Anonymous DeleteReply

elZ mcn