Tuesday, April 1, 2014

Computer Viruses පිළිබද ඔබ නොදත් බොහෝ දේ

Computer Viruses පිළිබද ඔබ නොදත් බොහෝ දේ

පරිගණක වයිරසයක් යනු කුමක්ද 



පරිගණක වැඩසහනකට ඇතුළු වී ස්වයං පිටපත් වීමේ හැකියාවක් සතු පරිගණක වැඩසටහනක් වයිරසයක් ලෙස හැදින්වේ. 

මෙම වැඩසටහන් වලට පරිගණක වයිරස් යන නම ලබාදුන්නේ ඇයි 

ඊට හේතුව නම් මෙම වැඩසටහන් ජීවී වය්රස මෙන් ස්වයන් පිටපත් වීමේ හැකියාව සහ ජීවත් වීමට දාරකයෙකු අවශ්‍ය වන්නා සේ මෙම වැඩසටහන් වෙනත් පරිගණක වැඩසටහන් තුල සැගවී සිටීමයි .

වයිරස පැතිරෙන්නේ කෙසේද 

වය්රස පැතිරෙන ප්‍රධානම මාද්‍ය නම් අන්තර්ජාලයයි . email ඒ සදහා වැඩි දායකත්වයක්ද දක්වයි  දත්ත එහා මෙහා රැගෙන යාමට භාවිතා කරන පෙන් , නම්‍ය තැටි ,සංගත තැටි , සංක්‍යාන්ක බහුවිධි තැටි වැනි දෘඩාංග වය්රස පැතිරීමට සෘජුවම දායක වෙයි . මීට අමතර පරිගණක ජාලවර්ග ද මේ සදහා දායකත්වයක් සපයයි .

වයිරස් නිසා සිදුවිය හැක්කේ මොනවද 

ප්‍රධාන හානිදායක දේවල් ටිකක් පහත දැක්වේ 

* තැන්පත් කර ඇති දත්ත සහ තොරතුරු විනාශ වීම 
*පරිගණක ස්ලෝ වීම 
*සමහර අවස්තාවලදී කලාතුරකින් පරිගණක දෘඩාංග වලට කෙලවීම  
*තැන්පත් කර ඇති දත්ත හා තොරතුරු අවුල් වීම හෝ පිස්සු කෙලීම  
*පරිගණකයේ ස්ථාපනය කාරී ඇති මෘදුකාංග වලට හානි වීම 
*පරිගණකය භාවිතා කරන්නාට අපහසුතාවයට පත්වීමට සිදු වීම සහ කාලය අපතේ යාම 

වයිරස හදුනාගන්නේ කෙසේද 

පරිගණක පද්දතියකට වයිරස ආසාදන වූ විට පහත ඇති ලක්ෂණ 1ක් හෝ කිහිපයක් දැකිය හැකිය (සමහර අවස්ථාවල මේ ආසාදන වෙනත් හේතුන් නිසා ඇතිවීමට හැකි අතර ඒ පිළිබද සැලකිලිමත්ව බැලිය යුතුය )

* පරිගණකයේ කිර්යාකාරි වේගය සාමාන්‍ය තත්වයට වඩා අඩු වීම .
*පරිගණකය නිතර නිතර off වීම 
*පරිගණකය නිතර නිටහර restart වීම 
*සමහරක් මෘදුකාංග ක්‍රියා කිරීමට අපහසු වීම 
*සමහ මෘදුකාංග වල ක්‍රියාකාරිත්වය අවුල් වීම 
*සමහ මෘදුකාංග පරිගණකයෙන් ඉබේම ඉවත් වීම 
*ගොනු ඉබේම මැකීම 
*වැඩකට නැති ගොනු එකතුවීම 
*තිරයේ අසාමන්‍ය දැන්වීම් දර්ශනය වීම 
*නව මෘදුකාංග ස්ථාපනය කිරීමට නොහැකි වීම 
*මෙනු අවස්ථා හා සංවාද කොටුවල පිළිවෙල අවුල් වීම 
*තිරයේ විවිද රුප හෝ අයිකන් දර්ශනය වීම 
*විවිධ වූ ශබ්ද ඇසීම 
*පරිගණක තැටි දාවක ක්‍රියා නොවීම 
*පරිගණක තැටි දාවක නොකඩවා ක්‍රියාත්මක වීම 
*නිවැරදි ආකාරයෙන් මුද්‍රණය කිරීමට අපහසු වීම 
*මුද්‍රිත පිටපත්වල විවිධ විකාර පිටපත් වීම 
*පරිගණක තැටි වල ඉඩ තිබුනද නැතැයි කියා දර්ශනය වීම 
*පරිගණකය ක්‍රියාත්මක කිරීම සදහා අසාමාන්‍ය කාලයක් වැය වීම 

වයිරස ඉවත් කරන්නේ කෙසේද 

වයිරස ඉවත් කිරීමට යොදාගත හැකි හොදම ක්‍රමය වන්නේ යාවත්කාලින කරන ලද ප්‍රතිවයිරස මෘදුකාංග භාවිතා කිරීමයි .නොමිලේ ලබාදෙන ප්‍රතිවයිරස මෘදුකාංග කිහිපයක් පහත දැක්වේ 
*Norton
*McAfee
*Sophos
*Panda
*AVG
*Kaspersky
*Avira
*Avast

වයිරස වලින් ආරක්ෂා වන්නේ කෙසේද 
*Firewall ක්‍රියාත්මකව තැබීම 
*නිවැරදි ආකාරයෙන් backup ගොනු පවත්වාගෙන යාම 
*ප්‍රතිවයිරස වැඩසටහන් යතාවත්කාලින කිරීම සහ ආරක්ෂක උපක්‍රම ක්‍රියාත්මකව තැබීම 
*සාමන්‍ය භාවිතය සදහා administrator ගිණුමක් වෙනුවට user ගිණුමක් භාවිතා කිරීම 
*නිතරම අව්‍යාජ මෘදුකාංග භාවිතා කිරීම 
*නොදන්නා වෙබ් අඩවි වලට නොයාම 
*තමන් වෙත ලැබෙන email පිළිබද වැඩි සැලකිල්ලක් දැක්වීම 
*දත්ත ඇතුළු කිරීමට භාවිතා කරන ක්‍රම සුරක්ෂිතව සිදු කිරීම 

වෙනත් හානිකර වැඩසටහන් 
Worms

ස්වයන්ක්‍රීයව පිටපත් විය හැකිය .දාරක වැඩසටහනක් අවශ්‍ය නැතුව ෆයිල් එකක් ආකාරයට පැතිරිය හැකිය .පරිගණක ජාලවලදී මේවා ඉක්මනටම පැතිර යන අතර මෙයින් වඩාත් බරපතල හානි සිදු විය හැකිය ..

Trojan Horse

ප්‍රයෝජනවත් වැඩසටහන් ලෙස දැකුමට හැකි නමුත් විනාශකාරී ක්‍රියාවන් සිදු කරයි .


Spyware

පරිගණකයේ තොරතුරු සහ පරිගණකය තුල සිදු කරන කාර්යන් පිටතට ලාබදෙයි ...

Adware

අන්තර්ජාලය තුල සැරිසැරීමේදී විවිධ අනවශ්‍ය දැන්වීම් නොකඩවා පල කරවයි 

Hijacker

පරිගණක ගත වූ දත්ත සහ තොරතුරු කොල්ල කයි 

Dialer
මෙය බලපෑමක් වන්නේ මොඩම් භාවිතා කරන යටය... මේ නිසා අවුනට අනපේක්ෂිත දුරකතනක බිලක් ගෙවීමට සිදු විය හැකිය 



Logger

විවිද logger ඇත .. මේවයින් සිදු කරනුයේ private තොරතුරු මංකොල්ලා කෑමයි 

Spam

අනවශ්‍ය email තම email ගිණුමට නොකඩවා පැමිණීම සිදු කරයි 

පරිගණක හානිකර වැඩසටහන් වලට ප්‍රතිවිරුද්ධ මෘදුකාංග 
අනිෂ්ට මෘදුකාඟ - ප්‍රතිවිරුද්ද මෘදුකාංග 
Virus - Antivirus
Worms - Antivirus
Trojan Horse - Antivirus
Spyware - Antispyware
Adware - Antiadware/Popup Blockers
Hijacker - Antihijacker
Dialer - Antidialer
Logger - Antilogger
Spam - Antispam
Like This Article ? :

1 comments:

avatar

Absolutely nothing is freely available nowadays, but guarantee that you Buy facebook reviews just from valid sources for successful recognition on the internet. buy facebook likes reviews